Friday 19th of June 2026

English Tamil
Advertiesment


ජනාධිපති ආරක්ෂක අංශ යතුරු පැදි 47ක් ගින්නෙන් විනාශ වෙයි


2019-11-11 14896

ඉරිදා(10) රාත්‍රී 10.00ට පමණ කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනය තුළ හදිසි ගින්නක් හට ගෙන ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කළේය.

කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩ පවත්වා ගැනීම සඳහා ගිනි නිවිමේ රථ 05ක් යොදා ගෙන තිබෙන අතර ගින්නෙන් වාහන අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment